January 20, 2022

Ada Rata

All news in one location

ඉදිරි අවුරුදු තුනේදී අපි රට සීඝ්‍රයෙන් සංවර්ධනය කරනවා


රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කීරිම අභියෝගයක් වුවත් එය ජය ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ආශිර්වාද ලබා ගනිමින් සදහන් කළේය.

නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා අමාත්‍යවරයා නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී මේ බව සදහන් කළේය.

අමාත්‍යවරයා (2) ශ්‍රි දළදා මාළිගාව වැඳ පුදා ගෙන මල්වතු, අස්ගිරි දෙපාර්ශවයේ මහනායක මහහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දුටු අමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා නව වසරට ආශිර්වාද ලබා ගත්තේය. එහිදී අමාත්‍යවරයා සමඟ කෙටි පිළිසඳක යෙඳුන සිරිවිමල නාහිමියන් පෙන්වා දුන්නේ මෙරට පැවැති දරුණු යුද්ධය නිමා කර රටට සාමය උදාකර රට සංවර්ධන මාවතට යොමු කල නායකයන් අමතක කරන්නට ජනතාවට පුළුවන් කමක් නැති බවය. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ලෝකයේ ඇතිව තිබෙන අමාරුකම් අප රටට පොදුවේ බලපෑම් ඇති කර තිබෙන නිසා රටත් ජනතාවත් අසීරු තත්ත්වයට පත්ව ඇති නමුත් එනිසා කළ හොඳ අමතක කළ නොහැකි බවද නාහිමියෝ කීහ. කොරෝනා වසංගතයෙන් සිදු වීමට තිබුණ බොහෝ මරණ වලක්වා ගත හැකි වුයේ රජයේ හා ජනාධිපතිගේ දූරදර්ශි වැඩ පිළිවෙළ නිසා බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

හරිත කෘෂිකර්මාන්තය ස්ථාපිත කීරිම සඳහා ජනාධිපතිවරයා තනි නොකර එතුමා සමඟ කෙලින් සිට ගැනිම පිළිබදව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිය සතුට ප්‍රකාශ කළහ



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq