January 19, 2022

Ada Rata

All news in one location

ඉදිරියේදී පාන් වලටත් පෝලිමක් ?


ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

සකච්ඡාවකට එක් වෙමින් එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා මේ බව ප්‍රකශ කළා.

ඔවුන් පිටි සමාගම් සමඟ සකච්ඡා පැවැත්වූ බවත්, එහිදී පිටි ලබාදිය හැකි නමුත් ඩොලර් පිළිබඳව ගැටළුවක් ඇති බවත් අදාළ සමාගම් පවසා තිබෙනවා.

එයට හේතුව ලෙස පිටි සමාගම් වලට අවශ්‍ය ඩොලර් වලින් මේ වන විට ලැබෙන්නේ 10% පමණ ප්‍රමාණයක් වීම බවද ඔවුන් පවසා තිබෙනවා.

මේ හේතුවෙන් රජයට ඉක්මනින් මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එසේ නොමැති වුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව පාන් පෝලිමේ ගිහින් හෝ පාන් ගෙඩියක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට සාමාන්‍ය ජනතාවට මුහුණ දීමටද සිදුවන බව ඔවුන් සඳහන් කළා.

පිටි මිටියක් සොයා ගැනීමට නොහැකිව බේකරි හිමියන් කබලෙන් ලිපට වැටී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පැවසුවා. (colombotimes.lk)

Viber

The post ඉදිරියේදී පාන් වලටත් පෝලිමක් ? appeared first on Colombo Times.



Source link