October 17, 2021

Ada Rata

All news in one location

ඉතාලි ගිය අගමැති ඉතාලියෙන් සිංගප්පුරුවට!



ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු අන්තර්ජාතික සමුළුවට සහභාගී වීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කටයුතු අවසන් කර ඉතාලියෙන් සිංගප්පුරුවට ගොස් තිබේ.

අගමැතිවරයා සමඟ ගිය 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හැර සෙසු සියලුම දෙනාද අගමැතිවරයා සමඟ සිංගප්පුරුව වෙත ගොස් සිටින බවයි වාර්තා වුණේ.

මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා මේ වන විට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රැඳී සිටින අතර ඔහු  ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සමුළුවට සහභාගී වීමට නියමිතය. 

අගමැතිවරයා මෙලෙස සිංගප්පුරුව වෙත ගොස් ඇත්තේ එරට පිහිටි සුප්‍රසිද්ධ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට බවද අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර ඇත. 




Source link