October 17, 2021

Ada Rata

All news in one location

ඉක්මනින්ම පාසල් විවෘත කිරීමේ අරමුණින් තවත් පිරිසකට කොව්ඩ් එන්නත්


ඉක්මනින්ම පාසල් විවෘත කිරීමට නම්, පාසල් තුළ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂණය සුරක්ෂිත කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කරනවා.

ඒ අනුව පාසල් ගුරුවරුන්ට එන්නත ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු බවයි මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම බස්නාහිර පළාතේ ගුරුවරුන්ට මේ වන විටත් එම අවස්ථාව උදාකරදී තිබෙනවා.

මේ අතර අනෙකුත් පළාත්වල ද ඉතා ඉක්මනින් එම කටයුත්ත සිදු කිරීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. (ColomboTimes.lk)



Source link