October 28, 2021

Ada Rata

All news in one location

ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක රැසක් තලෙයිබාන් ත්‍රස්ත ග්‍රහණයට


ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක 370 න් 50 ක්, තලෙයිබාන් ත්‍රස්ත ග්‍රහණයට ගෙන තිබෙනවා.

ඒ, අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම ආරම්භ වීමත් සමඟයි.

ඒ අනූව ඇෆ්ගනිස්තානයේ යළි යුද්ධයක් ඇති විය හැකි බවට අමෙරිකානු හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියෙකු වන ජෙනරල් ස්කොට් මිලර් අනතුරු අඟවනවා.

තලෙයිබාන් සාමාජිකයින් මේ වන විටත් ප්‍රදේශ රැසක් සිය ග්‍රහණයට ගනිමින් සිටින බව, ඔහු ප්‍රකාශ කළා.

සැප්තැම්බර් 11 වැනිදා වන විට ඇෆ්ගනිස්තානයේ සිටින සියලු අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට නියමිතයි.

කාබුල් නුවර ගුවන් තොටුපළේ සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂාවට අමෙරිකානු හමුදා බටයින් 650 ක් තවදුරටත් එරට රැඳී සිටීමට නියමිතයි.

කෙසේ වෙතත්, එක්සත්ව නිවැරදි තීරණ ගැනීමට ඇෆ්ගනිස්තාන නායකත්වය අපොහොසත් වුවහොත් අතිශය දුෂ්කර තත්ත්වයකට ඇද වැටීමට ඔවුන්ට සිදුවනු ඇතැයි අමෙරිකාව පවසනවා.(colombotimes.lk)



Source link