October 28, 2021

Ada Rata

All news in one location

ඇෆ්ගන් යොවුන් පාපන්දු ක්‍රීඩිකාවන්ට පකිස්තානයේ තාවකාලික රැකවරණය



ඇෆ්ගනිස්ථාන් කණිෂ්ට කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් මේ වනවිට පකිස්තානය වෙත ගොස් තිබෙනවා. ක්‍රීඩිකාවන් සමග ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද පකිස්තානය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානයට නතුවීමත් සමග එරට ක්‍රීඩාවේ නිරතව සිටි ඇෆ්ගන් තරුණියන්ගේ ජීවත අවදානමට ලක් වූ අතර ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටීමට හෝ රටින් පළායාමට සිදුවිය. මීට පෙර ජ්‍යෙෂ්ට පාපන්දු කණ්ඩාය‍මේ ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රටින් පිට වූ නමුත් කණිෂ්ට ක්‍රීඩිකාවන්ට විදේශ ගමන් බලපත්‍ර ඇතුළු ලිපි ලේඛන සකස් කර ගැනීමේ අවශ්‍යතාවය මතු වූ බැවින් ඔවුන්ට රටින් පලායාමට තවත් කාලයක් බලා සිටීමට සිදුවිය.

පකිස්තානයට පැමිණෙන තෙක් ඔවුන් සැඟවී සිටි බවයි වාර්තා වන්නේ.

Football for Peace නමැති සංවිධානයේ බලවත් ඉල්ලීම පරිදි එම ක්‍රීඩිකාවන්ට සහ පවුල්වල සාමාජිකයන්ට තාවකාලික රැකවරණය ලබාදීමට පකිස්තානු පාපන්දු සම්මේලනය ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව මේ වනවිට 81 කින් සමන්විත කණ්ඩායමක් පකිස්තානය වෙත පැමිණ තිබෙනවා. ඔවුන් ලාහෝර් නුවර පිහිටි පාපන්දු සම්මේලන මූලස්ථානයේ රැඳී සිටී. තවත් 34 දෙනෙකු අද දිනයේදී පකිස්තානය වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ.

වෙනත් රටක රැකවරණය ලැබෙන තෙක් ඔවුන්ට දින 30 ක කාලයක් පකිස්තානයේ රැඳී සිටීමට හැකියාව ලැබෙන අතර එම කාලය තුළ උපරිම ආරක්ෂාව ඇතුළු පහසුකම් ලබාදෙන බවට පකිස්තානු බළධාරීන් පොරොන්දු වී තිබෙනවා.

UN




Source link