January 24, 2022

Ada Rata

All news in one location

“ඇස්ට්‍රා සෙනෙකා”දෙවෙනි මාත්‍රාව වෙනුවට ලබාදීමට එන්නත් වර්ග 02ක්


පළමු කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඒ වෙනුවට “ජොන්සන් ඇන්ඩ් ජොන්සන්” හෝ “ස්පුට්නික් ලයිට්” එන්නත ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

“ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත කුමන හෝ රටකින් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා ඊයේ (16 වැනිදා) මේ බව සඳහන් කළා.

“කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය මාස හයක් අටක් අතර කාලයක් පවතින බවයි එහිදී ඔහු කියා සිටියේ.

එම කාලයෙන් පසු “ජොන්සන් ඇන්ඩ් ජොන්සන්” එන්නත හෝ “ස්පුට්නික් ලයිට්” යන එන්නත ලබාදීමට කටයුතු කරන බවත් ඉන් කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොවන බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වුවද මේ වන විටත් “ඇස්ට්‍රා සෙනෙකා” එන්නත ලබාගැනීම සම්බන්ධව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය වැනි රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. (colombotimes.lk)



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq