December 4, 2021

Ada Rata

All news in one location

“ඇස්ට්‍රාසෙනෙකා” එන්නත නිසා මෙරටින් රුධිර කැටි ගැසීම් 06 ක් සහ මරණ 03 ක් සිදුව ඇති බව හෙළිවෙයි 🔊


ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් රුධිරය කැටිගැසීමේ සිදුවීම් 06 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම ඉන් 03 දෙනෙකු මරණයට පත්වී ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කරන ලද ප්‍රකාශය පහතින්. (Colombo Times)



Source link