December 4, 2021

Ada Rata

All news in one location

ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා රුධිරය කැටි ගැසීමේ සිද්ධි 06ක් වාර්තා වන විට 03ක් මිය ගිහින්



කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමේ සිදුවීම් 06ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.   

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.   

මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නොමැති බවත් මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට ආසාදිතයින් 4-6ත් අතර බව දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බවත්, අමාත්‍යවරිය සඳහන් කළාය. 

එම නිසා කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇති විය හැකි ආබාධ සමග සංසන්දනය කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාවය ඉතා අල්ප වන අතර තවද ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බවද අය තවදුරටත් සඳහන් කරන ලදී. 

ASK 




Source link