October 18, 2021

Ada Rata

All news in one location

ඇමති පවිත්‍රාගේ සැලකිල්ල වෛද්‍යවරුන්ට පමණද? කොවිඩ් හැදුණු පවිත්‍රාට සත්කාර කළේ වෛද්‍යවරු විතරද? (VIDEO)



සෞඛ්‍ය අමාත්‍යාංශය පහසුකම් සපයන්නේ වෛද්‍යවරුන්ට පමණක් වන අතර හෙද සේවාව වෙනුවෙන් ඔවුන් සාධාරණයක්  ඉටු නොකිරීම නිසා අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වීමට සිදු වූ බව රජයේ හෙද  නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රිජ්වේ ආර්යා ළමා රෝහල,කාසල් වීදියේ කාන්තා රෝහල වැනි මාතෘ රෝහල්, මහරගම අපේක්ෂා රෝහල,කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැර සෙසු සියලුම රෝහල සහ ප්‍රතිකාර සේවා වලින් සියලුම හෙද නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටින බවයි.

එමෙන්ම හෙද විද්‍යාල 17හි හෙද ආචාර්යවරු සහ විදුහල්පතිවරු ද සේවයෙන් ඉවත්ව සිටියි.

දැනට සේවය සපයන රෝහල් හා මධ්‍යස්ථාන තුළද අත්සන් කිරීමක් හෝ නිල ඇඳුම් ඇඳීමක් සිදුනොවන බවද රත්නප්‍රිය මහතා කියා සිටියේය.

මෙම දින දෙක තුළ ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියාමාර්ග වැඩි කිරීමට සිදුවන බවයි රත්නප්‍රිය මහතා අවධාරණය කළේ.

හෙද සේවාව මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය, ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ජා 13ක් පැවැත්වුවද කිසිම විසඳුමක් නොලැබුණ අතර කැබිනට් පත්‍රිකා දමන බව පවසමින් පැහැර හරිය බවටයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ.

”හෙද නිලධාරියෙකුට පළමු උසස් වීම ගන්න අවුරුදු 10ක් ඉන්න ඕනේ. නමුත් වෛද්‍යවරයෙකුට වසර දෙකකින් පළමු උසස් වීම ලැබෙනවා. හෙද නිලධාරියෙකුට දෙවන උසස් වීම ගන්න වසර 20ක් ඉන්න ඕනේ. වෛද්‍යවරයෙකුට වසර 09කින් ලැබෙනවා. මේක අසාධාරණයි.අතිකාල දීමනා වැඩි කළේ වෛද්‍යවරුන්ගේ පමණයි. සොච්චම් මුදලක් ගන්න හෙද නිලධාරීන්ට පාරට බහින්න වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය සේවා පහසුකම් සපයන්නේ වෛද්‍යවරුන්ට විතරයි.කොවිඩ් 19 වසංගතය මර්දනය හමුවේ විශාල කැපකිරීමක් කරන හෙද හෙදියන්ට එකම N 95 මාස්ක් එකක්වත් ලබා දීලා නැහැ.ලොක් ඩවුන් කළාම සේවයට එන්න ප්‍රවාහන පහසුකම් නැහැ. අපි කෑගහල තමයි ප්‍රධාන පාරවල් වලට හරි බස් දාගත්තේ.දිගින් දිගටම අපේ ඉල්ලීම් ඉටු නොවුණ නිසා අපේ රාජකාරී වලට අයත් නොවන කටයුත්තක් නිසා රෝහල් තුළ PCR පරීක්ෂණ කිරීමෙන් ඉවත් වුණා.රෝහල් තුළ හෙද හෙදියන් PCR පරීක්ෂණ දවසකට 5000ක් පමණ කළා. දැන් සිද්ධ වෙන්නේ දවසකට 200ක් 250ක් වගේ. වෛද්‍යවරුන්ට මේක තනියෙන් කරන්න බැහැ. මේ PCR පරීක්ෂණ අඩු නිසා තමයි රෝගීන් අඩුවෙලා තියෙන්නේ.”

ලෝක බැංකුවෙන් මෙන්ම ඉටුකම අරමුදලට ලැබුණු ආධාර මගින් හෝ හෙද නිලධාරීන්ට අවශ්‍ය N95 මාස්ක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නොමැති අතර මෙලෙස සේවා සැපයීමක් නොකරන ආණ්ඩුව කෙසේ කොවිඩ් මර්දනය කරන්නද යන ප්‍රශ්නය රත්නප්‍රිය මහතා මෙහිදී නගන ලදී.

මේ අතර කොවිඩ් 19 එන්නතේ පළමු මාත්‍රාවවත් නොලැබුණ හෙද හෙදියන් 4000ක් පමණ සිටින බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පැවති එන්නත් හැංගු බවද ඔහු අවධාරණය කරන ලදී.  

ASK




Source link