January 26, 2022

Ada Rata

All news in one location

ඇන්ජලෝ පෙරේරාත් ජාත්‍යන්තර පිටියට සමුදෙයි




– 5 01 2022
– 14:35
– {{hitsCtrl.values.hits}} views

– පැතුම් ශ්‍රී විජේරත්න




ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

ඔහුගේ සමුගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විදෙස් රටවල් කිහිපයකින් ලද ආරාධනා බව ඔහුගේ පියා නලින් පෙරේරා මහතා ‘අද’ පුවත්පතට පවසා සිටියේය.

“ඇන්ජලෝට විදෙස් රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබිලා තියෙනවා එම රටවලට ක්‍රීඩා කරන්න. ඒවගේම ෆ්රෑන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් ඔහුව තෝරාගෙන තිබෙනවා. එම නිසා ඔහු තීරණය කර තිබෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න” යනුවෙන් ඔහුගේ පියා වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීය.





Source link