October 28, 2021

Ada Rata

All news in one location

ඇදිරි නීතිය මැද සියළුම සතොස අලෙවි සැල් විවෘත කරයි..


September 13, 2021 at 4:40 pm |

ඇදිරි නීතිය මැද සියළුම සතොස අලෙවි සැල් විවෘත කරයි..

කොවිඩ් -19 වසංගත තත්වය නිසා ඇති වී ඇති දැඩි ඛේදවාචකයේදී සියලුම සතොස අලෙවිසැල් විවෘත කර අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්දන් මහතා පැවසීය.

මේ බව පැවසූවේ මඩකලපුවේ සතොස අලෙවි සැල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ජනතාවගේ යහපත සඳහා රජය මැදිහත්වී ජනතාවට අත්‍යවශ්‍ය හාන්ඩ හිගයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටද තමා මේ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

සමහර වෙළෙදුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හංගමින් රජයත් ජනතාවත් අපහසුතාවට ලක්කිරීමේ කටයුතු වල නිරත වන බවද එම කටයුතු වලට ආණ්ඩුව ඉතා ශක්තිමත්ව මුහුණ දෙන බැවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් පැවසීය.

මඩකලපුව සතොස අලෙවිසැලේ කාර්ය මණ්ඩලයටද උපදෙස් දෙමින් කිසිවිටකවත් ජනතාව අපහසුතා වලට ලක් නොකර අවශ්‍ය දේවල් ගබඩා කර පවත්වා ගෙන යායුතු බවත්, මොනම ගැටලුවකදී උවද තමාව දැනුවත් කරන ලෙසද දේශපාලන වශයෙන් කල හැකිදේ කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

– kelum Postalministry

10,879 views



Source link