October 20, 2021

Ada Rata

All news in one location

ආරුගම්බේ සංචාරක කලාපයක් කෙරේ | Colombo Times


ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අගෝස්තු මාසයට පෙර මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අරුගම්බේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ ඊයේ (30) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දස වසරක සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිතව රුපියල් මිලියන 1,000 කට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘතිය 178ක් ක්‍රියාත්මක කෙරෙනවා. (colombotimes.lk)



Source link