October 25, 2021

Ada Rata

All news in one location

ආර්ථික රැක ගන්නා ගමන් රට අගුලු දැමිය යුතුයි – මහ බැංකු අධිපති කියයි


රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම මෙන්ම රට අගුලු දැමීම යන කරුණු දෙකම එකවර කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය ඇතුළත රෝගීන්ගේ සංඛ්‍යාව මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකුව බලාපොරොත්තු වන බවත් එමඟින් ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා දෙන බවත් අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත්තේ ‘2020 වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන පරිදි ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග සහ ඉදිරි දැක්ම’ නමින් සංවිධානය කර තිබූ අන්තර්ජාල සමුළුවක් අමතමිනි.

මෙහිදී නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහාචාර්ය ලක්ෂ්මන් පැවසුවේ වැඩිවන ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙන් මේ වසර වෙනුවෙන් ඇස්තමේන්තු ගත කර ඇති 6%ක ආර්ථික වර්ධන වේගය අඩුවිය හැකි බවයි.

මිනිසුන්ගේ රැකියා සහ ආදායම්වල පැවැත්ම පිළිබඳ ගැටලු ඇති බැවින් එකක් අනෙකා වෙනුවෙන් අතහැර දැමිය නොහැක. එහි ප්‍රතිඵලයක් ලෙස අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග මගින් ජනතාවගේ ජීවිත රැකබලා ගන්නා අතරම ආර්ථිකය ද රැකබලා ගත යුතුය. මේවා ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සමාජයේ යම් යම් මතභේද ඇතිවීම අවාසනාවට කරුණක් වන අතර මේවා ක්‍රමයෙන් පහව යනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම තුන්වන රැල්ලට අප මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ සම්මුතියක් ඇති වනු ඇතැයි බලාපොරොත්තුවයි.” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

(අරුණ පුවත්පත)



Source link