October 28, 2021

Ada Rata

All news in one location

ආයතන සේවකයකුට කොවිඩ් හැදුනොත් හෝ නිරෝධායනයට ලක්වුවහොත් ගෙවිය යුතු වැටුප


ආයතනයක යම් සේවකයකු කොවිඩ් වසංගතයට ගොදුරු වුවහොත් හෝ නිරෝධායනයට ලක්වුවහොත් එම සේවකයාට අදාළ ආයතනය විසින් අනිවාර්යයෙන්ම වැටුප් ලබාදීමට කටයුතු කළ යුතු බව කම්කරු ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරනවා.

මේ අනුව පෞද්ගලික අංශයේ ලක්ෂ 35කට අධික සේවකයන්ට පමණක් නොව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබා ඇති සියලුම සාමාජිකයන්ගේ රැකියා සුරක්ෂිත බව ඇමැතිවරයා අවධාරණය කරනවා.

එමෙන්ම කොවිඩ් 19 වසංගතය පැතිරීම නිසා රැකියාවලට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සැලකිය යුතු කාලයක් සිටීමට සිදුව ඇති අයට වැටුපෙන් අඩක් ගෙවීමටද තීරණය කර තිබෙනවා. (colombotimes.lk)



Source link