December 4, 2021

Ada Rata

All news in one location

ආපදාවට ලක්වූ පිරිසක් මුදවා ගත් අයුරු


පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් අද (09) අළුයම කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ආපදාවට ලක්වුණා.

සිද්ධිය පිළිබඳ සැලවූ වහාම එම ස්ථානයට පැමිණි 611 වන බල සේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 32 ගෙන් සමන්විත භට පිරිසක් ආපදාවට ලක්වූ නිවැසියන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මකවී තිබෙනවා.

මුදවාගත් පවුලේ සාමාජිකයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා වහාම රඹුක්කන රෝහල වෙත ඇතුළත් කරන ලද අතර, ඔවුන් අතරින් මව සහ දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

එම පවුලේ පියා බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන්. (colombotimes.lk)

Viber



Source link