November 29, 2021

Ada Rata

All news in one location

ආනයන තහනම අස්සේ සුපිරි වාහන 400 ක් ආනයනය කරලා ! දැං අපි mk



වරාය භූ‍මියේ තිබෙන අධි සුඛෝපභෝගී වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් ආනයනකරුවන් වෙත නිදහස් කරන්නේද එසේ නැතහොත් රාජසන්තක කරන්නේද යන්න පිළිබඳව උපදෙස් ඉල්ලා ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේදී, සුඛෝපභෝගී වාහන ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කළේය. මෙම වාහන 400 කට ආසන්න ප්‍රමාණය ආනයනය කර තිබෙන්නේ අදාල ආනයන තහනම ක්‍රියාත්මක වෙමින් තිබියදීය.

වරායේ නවතා ඇති සුඛෝපභෝගී මෝටර් රථවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද වාහන බවයි වාර්තා වන්නේ. මෙම වාහන ආනයනය කර සැළකිය යුතු කාලයක් ගත වී ඇති අතර මේ නිසා වාහන විනාශ වෙමින් තිබෙන බවත්, වටිනාකම දිනෙන් දිනම අඩුවෙමින් තිබෙන බවත් පෙන්වා දෙන රේගුව පවසන්නේ කඩිනමින් විසඳුමකට පැමිණිය යුතු බවයි.

වාහන ආනයනය තහනම් කිරීමෙන් පසුව රජය ප්‍රකාශ කළේ තහනම නොතකා ආනයනය කරන වාහන රාජසන්තක කර රජයේ වාහන සංචිතයට එකතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසන්නේ වාහන සම්බන්ධ අවසන් තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යංශය බවයි.

UN




Source link