October 17, 2021

Ada Rata

All news in one location

ආනයනික කිරිපිටි මිල වැඩි කිරීමට ඉල්ලීමක්


ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස කිරිපිටි ආනයනික සමාගම් විසින් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350කින් ද, ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 140කින් ද ඉහළ දැමීමටයි පාරිභෝගික අධිකාරිය වෙත ඉල්ලීම් ලැබී ඇත්තේ.

කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් මේ වන විට රුපියල් 945ක මිලකට අලෙවි කෙරෙන අතර, ආනයනික කිරිපිටි සමාගම්වල ඉල්ලීම් පරිදි මිල වැඩි කළහොත් නව මිල 1,295ක් දක්වා ඉහළ යනු ඇති.

ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම මෙසේ මිල ඉහළ දැමීමට හේතුව ලෙසයි අදාළ සමාගම් පවසා ඇත්තේ.

ඇමරිකානු ඩොලර් 2,800ක්ව පැවති ලෝක වෙළදපොළේ කිරිපිටි ටොන් එකක් මේ වන විට ඩොලර් 4,300 දක්වා ඉහළ ගොස් ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. (colombotimes.lk)



Source link