November 30, 2021

Ada Rata

All news in one location

ආණ්ඩුව නම් තවලම – ආචාර්ය මහින්ද පතිරණ


වර්තමාන ආණ්ඩුව කොරෝනා වසංගත සමය තුළ සාර්ථක වූ අන් ඕනෑම රටක් සමග කරට කර හෝ ඒවාට ඉදිරියෙන් සිටින බව කරුණු කීපයක් මත නිගමනය කළ හැකි හැකියි.

අංක 1: රට වසා දැමීමට අවශ්‍ය තැන දී වසා දමා විවෘත කිරීමට අවශ්‍ය තැනදී විවෘත කිරීම

අංක 2: රටේ ආර්ථිකය කඩා නොවැටී තබා ගන්නා අතරම ජනතාවට ද ඍජු සහන සලසමින් පවත්වාගෙන යාම. (පසුගිය අවුරුදු සමයේ පවා ජනතාවගේ දුෂ්කරතා තේරුම් ගෙන රුපියල් 5000ක් ලබා දීම)

අංක 3: බොහෝ රටවලට කොවිඩ් එන්නත ලබා ගැනීමට පවා නොහැකිව තිබියදී අප එය ලබාගෙන එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම සිටීම

අංක 4: බොහෝ රටවල් තාමත් වසා දමා ඇති අවස්ථාවක මෙරට ජනයාට එදිනෙදා කටයුතු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම

අංක 5: වසංගතය නිසා වසා දැමුණු සියළු අංශ මේ වන විට විවෘත කර තිබීම.

මේ සියල්ල සිදු කරන අවස්ථාවල දී විවිධ කොටස් විවිධ විවේචන හා මඩ අවලාද ආණ්ඩුවට එල්ල කළ බව අපි දනිමු. ඇතැමුන් කීවේ මිනීකඳු ගොඩ ගසන්නට ආණ්ඩුව හිතා මතා කටයුතු කරන බවයි. රට අද හෝ හෙට කඩා වැටෙන බවට ඔවුහු අනාවැකි පළ කළහ. එහෙත් සියළු බල්ලන් බුරන විට ආණ්ඩුව නම් තවලම සාර්ථක ව ඉදිරියට ගිය බව දැන් අපට පැහැදිලි ව පෙනී යයි. ඉදිරියට ද එසේය.





Source link