October 28, 2021

Ada Rata

All news in one location

ආණ්ඩුව කිව්වාට පළාත් සභා මැතිවරණය මේ අවුරුද්දේ නම් තියන්න පුළුවන් වෙන එකක් නෑ



පළාත් සභා මැතිවරණය මේ වසර අවසාන වීමට පෙර අනිවාර්යයෙන්ම පවත්වන බව රජය විසින් ප්‍රකාශ කර ඇතත් එය එසේ සිදුකිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

“ඔව් ඉතිං පළාත් සභා මැතිවරණය තියන්න නම් නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනෙ. ඉතිං ඒකෙ කෙටුම්පත හදලා, කොට්ඨාශ තීරණය කිරීම පිළිබඳව මහජනයාගෙ පැමිණිලි ඉදිරිපත් කරන්න කාලය දීලා, මේක නීතිපති අතට ගිහිල්ලා, නැවත කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා … මේ විදියට මේ ක්‍රියාදාමය යනකොට මං හිතන්නෙ මේ වසර තුළ නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් වෙන එකක් නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.  

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

RN




Source link