October 18, 2021

Ada Rata

All news in one location

ආගමික මධ්‍යස්ථානවල ළමා අපයෝජන ඉහළට


ආගමික මධ්‍යස්ථානවලට අදාළව පසුගිය වසරේදී ළමා අපයෝජන පැමිණිලි 98ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා.

මෙම පැමිණිලි සම්බන්ධ පරීක්ෂණවලින් පසු ආගමික නියෝජිතයෝ 13 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසනවා.

නීතිමය කටයුතු කිරීමේදි ඇතැම් අවස්ථාවන්හිදි ආගමික නායකයන්ගෙන් පවා බලපෑම් එල්ල වූ බවත් ඒ කිසිදු බලපෑමකට යටත් නොවී නීතිය අකුරටම ක්‍රියාත්මක වූ බවත් සභාපතිවරයා සඳහන් කළා.

කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ දී මෙන් නොව තෙවැනි රැල්ලේදී ළමා හිංසන සම්බන්ධයෙන් වන පැමිණිලි විශාල වශයෙන් අඩු වී තිබෙන බවත්, මින් පෙර ලද පැමිණිලිවලට අදාළව ගත් ක්‍රියාමාර්ග ඊට හේතු වී තිබෙන බවට තමන් විශ්වාස කරන බවයි.ඔහු සඳහන් කළේ.

ළමා අපයෝජන හෝ අපචාර සම්බන්ධව ඔබට 1929 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකියි.

(colombotimes.lk)



Source link