December 5, 2021

Ada Rata

All news in one location

අසේලට සහය දක්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක්!



සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, අසේල සම්පත් මහතාට සහය දක්වමින් අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට ”අපේ ජන බල පවුල” විසින් නිහඬ විරෝධයක් පවත්වන ලදී. 

භාෂණයේ නිදහස සුරක්ෂිත විය යුතු බවත් එය පාලකයන්ට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි බවත් එම විරෝධයට එක් වූ අපේ ජන බල පවුලේ ක්‍රියාකාරිකයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය. 

ජනතාවගේ ගැටළු ගැන කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින අය සිරබත් කන තත්ත්වයට පත්ව තිබෙන බවද ඔවුන් කියා සිටියේය. 

කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහුව පසුගිය (13) දා අත්අඩංගුවට ගත් අතර ඊට හේතුව වශයෙන් සඳහන් කර තිබුණේ  වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළව නිකුත්කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවකි.

ඒ අනුව අසේල සම්පත්ව අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර සතොස ආයතනය විසින් ලබාදුන් රුපියල් 1000 සහන බඩු මල්ල සම්බන්ධයෙන් අසේල සම්පත් මහතා මාධ්‍ය හමුවක් පවත්වා දැඩි ලෙස එයට විවේචනයක් එල්ල කරමින් සහන මල්ල හරහා ද ජනතාව මුලා කර ඇති බව ප්‍රකාශ කළේය. 

අසේල සම්පත් මහතාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඔහුව අත්අඩංගුවට ගත යුතු බවයි. 

එමෙන්ම තමන්ගේ සහන මල්ලට එරෙහිව අපහාස කළ අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය දැනුවත් කර ඇති බවත් අසේල සම්පත් මහතාගේ ප්‍රකාශයට එරෙහිව රුපියල් කෝටි 50ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ සඳහා තම නීතිඥයින් දැනුවත් කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා පසුව පවසා තිබුණි. 

ASK




Source link