December 4, 2021

Ada Rata

All news in one location

අවුරුදු දෙකක් තිස්සේ මිනිස්සු බැට කෑවා ඇති



රටේ එහා කොන සිට මෙහා කොනට යන්න හැකියාවත් නැති මොහොතක යන්තම් හුස්ම් ගන්න හදද්දී හුස්ම ගන්න හදන මිනිහගේ බෙල්ල මිරිකීමට සජිත් ප්‍රේමදාස සහ ගෝලයෝ ටික කටයුතු කරමින් සිටින බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

ඒ, අද (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එය ආනන්තරීය පාප කර්මයකට වඩා භයානක පාප කර්මයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊළඟට හදන්නට හදන්නේ විපක්ෂ නායකගේ කොවිඩ් රැල්ල බවද අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වසර දෙකක් තිස්සේ ගෝලීය වසංගතයක් සමඟ බැටකන මිනිස්සුව යළි එවැනි මිලේච්ජ තැනකට රැගෙන නොයන ලෙසයි අමාත්‍යවරයා කියාසිටියේ. 

ASK




Source link