January 24, 2022

Ada Rata

All news in one location

අවිශ්ක යළිත් ෆිට්නස් ටෙස්ට් ෆේල්



බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඉවත් කර තිබෙනවා. තේරීම් කමිටු සභාපති ‍ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසන්නේ අවිශ්ක යෝග්‍යතා පරීක්ෂණයෙන් යළිත් වරක් අසමත් වී ඇති බැවින් තරගාවලියට නම් නොකළ බවයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් ලෙස කිලෝමීටර් 02 ක දුරක් මිනිත්තු 08 තත්පර 35 කින් අවසන් කළයුතු අතර ‍අවිශ්කට එම දුර සම්පූර්ණ කිරීම සඳහා අදාල කාලසීමාවට වඩා මිනිත්තුවක වැඩි කාලයක් ගත කරන බවයි වාර්තා වන්නේ.

මීට පෙරද අවිශ්ක යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ අතර මේ නිසා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන්ද ඉවත් කෙරිණි.

කෙසේ නමුත් බංග්ලාදේශ සංචාරයෙන් පසුව දියත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා නම්කළ මූලික සංචිතයට ඔහු ඇතුළත් වන අතර බංග්ලාදේශ සංචාරයට සහභාගි නොවන ක්‍රීඩකයන් එංගලන්ත සංචාරය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වේ.

මෑතභාගයේදී සීමිත ඕවර් තරගවලදී සාර්ථකම ක්‍රීඩකයෙකු වන අවිශ්ක ප්‍රනාන්දු එක්දින තරග 18 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් වාර්තා කරගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉවත් කරමින් බංග්ලාදේශයට යන සංචිතය නම්කර ඇති අතර නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා සහ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම්කර තිබෙනවා. මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් පසුගිය තරගාවලිය කිහිපයකටම නම් නොකළ අතර නැවතත් ඔහු කණ්ඩායමට එකතු වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යන අතර 23,25,28 යන දිනවලදී එක්දින තරග පැවැත්වේ.

තරගාවලිය සඳහා නම්කළ කණ්ඩායම
කුසල් ජනිත් (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ෂිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය

UN




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq