October 19, 2021

Ada Rata

All news in one location

අවදානමක් නැතැයි කී පිළියන්දල නගරයෙන් ආසාදිතයන් 101 ක්



පිළියන්දල නගරයේ පොදු වෙළඳ සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බළධාරීන් පියවර ගෙන තිබෙනවා. දින නියමයක් නොමැතිව එය වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන්ට සිදුකළ පරීක්ෂණවලදී පුද්ගලයන් 101 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැනීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

මීට පෙර පිළියන්දල නගරය ඇතුළු ‍පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීමට තීරණය කළ නමුත් පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් එය ග්‍රාම නිළධාරී වසම් කිහිපයකට පමණක් සීමා විය.

පිළියන්දල නගරය හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ බලපෑම මත සිදු වූ බවට චෝදනා එල්ල වූ අතර එහෙත් අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු සඳහන් කළේ පිළියන්දල නගරය ඇතුලු බොහෝ ප්‍රදේශවල දැඩි අවදානමක් නොමැති නිසා හුදෙකලාභාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි ඉල්ලා සිටි බවයි.

UN




Source link