December 5, 2021

Ada Rata

All news in one location

අලුත් අවුරුද්දෙන් පසුව පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ගැන පරීක්ෂණ – තරුණ ප්‍රජාව අතර කොවිඩ් පැතිරීම ඉහළට


අලුත් අවුරුද්දෙන් පසු මෙරට තුළ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

මේ දිනවල කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වීම නව ප්‍රභේදයක් ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

විශේෂයෙන් මේ වනවිට දැඩි සත්කාර ඒකක වෙත කොවිඩ් රෝගීන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බව සෞඛ්‍ය අංශ ඊයේ (20දා) අනතුරු හඟවා තිබෙනවා.

එසේම මීට පෙර වාර්තා නොවූ ආකාරයට තරුණ ප්‍රජාව අතර රෝගය ව්‍යාප්ත වන බවද අනාවරණය වී තිබෙනවා.

IDH රෝහලේ මෙවර රෝගීන් අසාධ්‍ය වන තත්ත්වය වැඩිවී ඇති බවයි කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ​වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

වෛරසයේ වෙනසක් ඇතිවූ නිසා අසාධ්‍ය වන රෝගීන් ප්‍රමාණය වැඩි බැවින් දැඩි සත්කාර ඒකකවලට යොමු කරන ප්‍රමාණයද ඉහළ ගිය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළා.

පසුගිය දෙසතිය තුළ මෙම ප්‍රවණතාවට මුල පුරා ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ. (Colombo Times)



Source link