November 30, 2021

Ada Rata

All news in one location

අල්ලස් ගත් අධිකරණ රෙජිස්ටාර්වරියක් අත්අඩංගුවට



තෙල්දෙණිය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 

අධිකරණ නියෝගයක් මත දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනම් කිරීම සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට ගිය අවස්ථාවේදී ඇයව අත් අඩංගුවට ගෙන ඇත. 

අදාළ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියා විසින් කළ පැමිණිල්ලට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) ඇයව අත් අඩංගුවට ගෙන ඇත්තේ තෙල්දෙණිය ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී ය. 

මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන එම රෙජිස්ටාර්වරිය අද (18) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

RN




Source link