January 24, 2022

Ada Rata

All news in one location

අලව්වෙන් කොටු වුණ ජංගම මංකොල්ල කරුවන්


වෑන් රථයක් යොදාගෙන ජංගම මංකොල්ලකෑ⁣ම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු( 15) දා අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.

අලව්ව,හංවැල්ල,ගොකරැල්ල,කුරුණෑගල,වරකාපොල,කළුතර ආදී ප්‍රදේශවල ජංගම මංකොල්ලකෑ⁣ම් රාශියක නිරතව සිටි සංවිධානාත්මක අපරාධකල්ලියක සාමාජිකයින් දෙදෙනෙක් අලව්ව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිස් අපරාධ අංශය පැවසයි.

ටවුන් එස් වර්ගයේ වෑන්රථයකින් ගමන්කරමින් රථවාහනවල බැටරි,පරිගණක සැකසුම් උපකරණ සහ අනෙකුත් උපාංග ගලවා දුර පළාත් වලට අලෙවිකිරීමේ දැවැන්ත සොරකමක මෙම සැකකරුවන් නිරතව සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර අලව්ව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිදුකල විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම අපරාධකල්ලියේ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් එම සැකකරුවන් සොරකමේ නිරතවන ආකාරයත් වෑන් රථයෙන් ගොස් සොරකම් සිදුකිරීමට ගමන්කරනා ආකාරයද CCTV කැමරාවල සටහන්ව තිබෙන බවත් එම අපරාධ කරුවන් සො⁣රකමට යොදාගත් උපකරණ හා රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමකින් යුතු සොරකම් කරනු ලද රථවාහන කොටස්, බැටරි හා භාණ්ඩ සමඟ එම සොරකම් සිදුකිරීමට යොදාගත් වෑන් රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

1

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq