October 27, 2021

Ada Rata

All news in one location

අර්බුද විසඳන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න



රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගලවා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කර සාමූහිකව විසඳුම් සොයාගත යුතු බවයි විපක්ෂ නායකයා අවධාරණය කරන්නේ.

විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ 15 වැනි අදියරට සහභාගිවෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ අද රුපියල් ලක්ෂ 64 ක් වටිනා රෝහල් උපකරණ කුරුණෑගල මහ රෝහලට පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

UN




Source link