December 4, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 170,022 ක් පීඩාවට


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 41,717 කට අයත් පුද්ගලයින් 170,022 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 4 ක් වාර්තා වෙන අතර තවත් 7 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

පවතින ආපදා තත්ත්වය පිළිබඳව බලධාරීන් සිදුකරන දැනුම්දීම පිළිබදව ජනතාව නිරන්තර අවධානය යොමු කළ යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. (colombotimes.lk)



Source link