December 4, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාවට පීඩා


දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ රාත්‍රිය වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසනුයේ, පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 23,638ක් පීඩාවට පත්ව සිටින අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 960ක් වනවා.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද උදෑසන වන විට මීගමුව පුත්තම ප්‍රධාන මාර්ගයේ මාරවිල, ගොඩවල මංසන්ධියේදී ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා මතුව තිබෙනවා.

කුරුණෑගල, මදුරාගොඩ, කොරොස්ස උඩවත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරනයට පතිව තිබෙනවා.

කෑගල්ල දේවාලේගම පුස්සැලාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 02කු අතුරුදන්ව ඇති අතර තුවාල ලැබු අයෙකු රෝහල් ගත කෙර බවයි පොලීසිය පවසනුයේ. (colombotimes.lk)

Viber



Source link