October 27, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණය නිසා මරණ 04 ක්



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. දිස්ත්‍රික් 09 ක අයත් පවුල් 11,796 කට අයත් පුද්ගලයන් 46,730 ක් පීඩාවට පත්ව ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ ඇති වූ සිදුවීම්වලින් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. තවත් 03 දෙනෙකු තුවාල ලබා සිටී. නිවාස 639 කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අධික වර්ෂා සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි අතර මේ නිසා කොළඹ, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 06 සඳහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 07 දක්වා ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.

UN




Source link