October 19, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙල අද සිට


පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අයහපත් කාලගුණයෙන් නිවාස 549කට හානි සිදුව ඇති බවත් නිවාස 03කට පූර්ණ හානිද තවත් නිවාස 546කට අර්ධ හානිද සිදුව ඇති බව ඔහු සඳහන් කළා.

පැවති අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 42,252ක් වනවා.

එම පිරිස දිස්ත්‍රික්ක 07 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 61 කින් වාර්තා වු බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. (colombotimes.lk)



Source link