November 30, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණයෙන් මරණ 06ක් වාර්තා වෙද්දී තවත් 05ක් අතුරුදහන්



පළාත් කිහිපයකට බලප තිබෙන තද වැසි සහිත කාළගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා වලින් මේ වන විට පුද්ගලයින් 06 දෙනකු මිය ගොස් තිබේ. 

තවත් 05 දෙනෙකු අතුරුදහන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. 

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 183,028ක් පීඩාවට පත්ව ඇති බවද සඳහන්.

පවතින දැඩි වර්ෂා සහිත කාළගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අවදානම දිස්ත්‍රික්ක 09 ක් සදහා අවදානම් නිවේදන නිකුත් කර තිබේ. 

ඒ අනුව කොළඹ, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 36 ක් සඳහා මෙම නායයාමේ අනතුරු ඇගවීම හෙට අලුයම 05. 30 දක්වා බලාත්මක කර ඇත. 

එමෙන්ම ඉදිරි පැය කිහිපය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන හා දංකොටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අයත් ඔහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කර තිබේ. 

 




Source link