October 27, 2021

Ada Rata

All news in one location

අම්බලංගොඩ පෙරෙන රට අරක්කු | Mawurata.lk


නීතිවිරෝධී අරක්කු මෙට නිෂ්පාදනය කළ ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනකු ඇතුළු රුපියල් ලක්ෂ 20 ක පමණ උපකරණ අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත් විය. අම්බලන්තොට පොලිසියට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම කර තිබේ.

අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයේ කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ පුද්ගලයන් දෙදෙනෙකු විසින් කාලයක් තිස්සේ මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබිණි. අත්අඩංගුවට ගත සැකකරුවන් අම්බලන්තොට බැරගම හා රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෙලෙස නිෂ්පාදනය කළ මත්පැන් බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලා ඇතුළු මත්පැන් අලෙවිකරන ස්ථාන වෙත ලබා දී ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. නිලධාරීන් වැටලීම කරන අවස්ථාව වන විටත් නිෂ්පාදිත මත්පැන් තොගයක් අලෙවිකිරීම සඳහා රැගෙන ගොස් තිබූ බවද පොලිසිය පවසයි. සැකකරුවන් මෙරට නිෂ්පාදිත මත්පැන් මිලදී ගෙන විවිධ රසායනික වර්ග යොදමින් රට මත්පැන්වලට සමාන වන ලෙස රස,සුවඳ හා සැර යොදා මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇති බවත්, ඉතා සූක්ෂම අයුරින් ඇසුරුමද කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස නිෂ්පාදිත මත්පැන් එක එක වර්ගයන් අනුව රුපියල් 6000,5000 හා 4000 වැනි මුදලට වෙළෙඳසල්වලට විකුණා තිබේ. වෙළෙඳසල් තුළ එම මත්පැන් රුපියල් 12000 ක පමණ මුදලට අලෙවි වන බවත් පොලිසිය පවසයි. මෙම මෙහෙයුම අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ජගත් විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිදුවිය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා උපකරණ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



Source link