January 22, 2022

Ada Rata

All news in one location

අපේ ගෑස් ලීක් නෑ – ලාෆ් සභාපතිගේ සහතිකය (VIDEO)



ලාෆ් ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිතියේ ප්‍රශ්නයක් නොමැති හෙයින් කිසිදු බාධාවකින් තොරව ගෑස් බෙදා හැරීම සිදුකරන අතර ඒ වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ අවසරයද ලැබී ඇති බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.එච්.කේ.වෑගපිටිය මහතා පැවසුවේය. 

වෑගපිටිය මහතා මේ බව සඳහන් කළේ අද (04) මාධ්‍ය වෙත ලාෆ් ගෑස් තත්ත්වය ගැන කරුණු දක්වමිනි. 

ලාෆ් ගෑස් කර්මාන්තය ඉහළම ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන අතර පසුගිය 25 වසර පුරාම එම ජාත්‍යන්තර අනුව සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගිය බවයි ඔහු කියාසිටියේ. 

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව බංග්ලාදේශය,මියන්මාරය,මාලදිවයින,ඉන්දියාව,ඇතැම් අප්‍රිකානු රටවල් වෙත ගෑස් අපනයන කරන අතර ලාෆ් ගෑස් වල ප්‍රශ්නයක් ඇත්නම් එම රටවලින්ද ප්‍රශ්න මතු විය යුතු බවයි මෙහිදී වෑගපිටිය මහතා පැවසුවේ.

මේ අතර ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජිකයින් සිය කර්මාන්තශාලා වෙත  මෙතෙක් පැමිණියේ නැති නමුත් ඕනෑම වෙලාවක පැමිණ පරීක්ෂා කර එම සහතිකය ලබා දෙන ලෙසද වෑගපිටිය මහතා ප්‍රකාශ කළේය. 

මේ අතර ගෑස් කාන්දු වන විට දැනෙන ගන්ධය සම්බන්ධයෙන් ද මේ වන විට ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින නමුත් ලාෆ් ගෑස් සම්බන්ධයෙන් එම පැමිණිල්ලද නැති බවයි ඔහු කියා සිටියේ. 

ලාෆ් ගෑස් සම්බන්ධයෙන් ඇත්තේ වෙළෙඳපොලේ පවතින හිඟය වන අතර අවශ්‍ය පරිදි ණයවර විවෘත කර දෙන්නේ නම් සති දෙක තුනක් තුළ අවශ්‍ය සම්පූර්ණ ගෑස් ගෙන්වා දිය හැකි බවත් එමෙන්ම සිය සමාගමට රටටම ගෑස් සැපයීමේ හැකියාව පවතින බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.    

ASK




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq