December 4, 2021

Ada Rata

All news in one location

අපි රටට අඛණ්ඩව තෙල් සැපයීම හාස්කමක් වගේ. සමස්ත ජාතියම ඊට සතුටු වෙන්න ඕනෑ



පවතින දුෂ්කර තත්වයන් හමුවේ පවා වත්මන් රජය මෙතෙක් අඛණ්ඩව රටට ඉන්ධන සැපයීම හාස්කමක් බඳු ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව සමස්ත ජාතියම සතුටු වියයුතු බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 

“තෙල් පිරිපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙන එනු කියලා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊයේ උද්ඝෝෂණයක යෙදිලා ඉන්නවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළයුතු නිසා. බලශක්ති අමාත්‍යවරයා විදියට ඩොලර් ඉපයීමේ හැකියාවක් මට නෑ. එහෙනම් මටත් පුළුවන් භාණ්ඩාගාරය ඉදිරියේ ඩොලර් දියව් කියලා උද්ඝෝෂණයක් කරන්න. නමුත් අපි ඒ වෙනුවට කළේ භාණ්ඩාගාරයට ඩොලර් උපයන්න විකල්ප ක්‍රමවේද සකසාගන්න උදව් කිරීම පමණයි. 

ආයතනයට ආදරය කරන වෘත්තීය සමිතිවල නම් වගකීම වෙන්නෙ අපි කරන ක්‍රමයේ වැරැද්දක් තිබෙනවා නම් ඒකට තිබෙන විකල්පය අපට පෙන්නලා දෙන එක. එහෙම නොකර මෙවැනි බොළඳ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කරපු රාජ්‍ය ආයතන ගණනාවක් වැහිලා ගියාය කියන තිත්ත ඇත්ත මට වෘත්තීය සමිතිවලට සිහිපත් කරන්න සිද්ධ වෙනවා. 

රටේ තෙල් නැති, තෙල් ගන්න ඩොලර් නැති, ගබඩා කරගන්න ටැංකි නැති ශ්‍රී ලංකාව මෙතෙක් අඛණ්ඩව ඉන්ධන සැපයුම සහතික කිරීම පිළිබඳ – ඇත්තෙන්ම හාස්කමක් බඳු මේ ඉන්ධන සැපයුම සහතික කිරීම පිළිබඳ – අපේ වෘත්තීය සමිති නෙවෙයි සමස්ත ජාතියම සතුටු වෙන්න ඕනේ” 

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (18) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN




Source link