January 19, 2022

Ada Rata

All news in one location

අපි දින්නොත් කණ්ඩායම අනාථවෙයි- ලෙජන්ඩ්ස් කණ්ඩායම තරඟය එපා කියයි


මේ මොහොතේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා ලෙජන්ඩ්ස් පිල අතර තරඟයක් පැවැත්වීම සුදුසු ක්‍රියාවක් නොවන බව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී. එම් ඩිල්ශාන් පවසනවා.

මේ වනවිට තමා නායකත්වය සපයන ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බැවින් යෝජිත තරඟයේ තම කණ්ඩායම ජයගහොත් එය ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇතිකළ හැකි බව ඩිල්ශාන් පෙන්වා දෙනවා.

මේ මොහොතේ සිදුකළයුතුව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරුණ ක්‍රීඩකයන් හට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාදීමයි, මෙවැනි ප්‍රදර්ශනය කිරීම් නොවේ යයි ඩිල්ශාන් කියා සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඩිල්ශාන් වැඩිදුරටත් කියා සිටියේ මෙම තරඟාවලිය පැවැත්වෙන ආකාරයක් හෝ දිනයක් පිළිබඳව මේ දක්වා තමන්ට හෝ සිය කණ්ඩායමේ කළමනාකරුට කිසිදු නිළ දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මෙම ප්‍රදර්ශන තරඟය මැයි මස 4 වෙනි දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන සිල්වා පසුගියදා සඳහන් කර සිටියේය.





Source link