October 28, 2021

Ada Rata

All news in one location

අපි ඔක්සිජන් එවනවා, ලංකාව රැකගන්නවා චීනය පොරොන්දුවෙයි


ශ්‍රී ලංකාවට ඔක්සිජන් සහ කෘතිම ස්වසන ආධාරක යන්ත්‍ර ලබාදෙන්නයි අගමැති මහින්ද රාජපක්ෂ චීනයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ ගොස් රෝහල් ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය හරහා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

චීන තානාපතිවරයා ද එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් හැකි ඉක්මනින් ඔක්සිජන් ඇතුලු වෛද්‍ය ආධාර තොගයක් ලබාදීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ..





Source link