November 29, 2021

Ada Rata

All news in one location

අප්‍රේල් 30 වැනිදායින් පසු විදෙස් සංචාරකයන්ට නවසීලන්තයේ දොරටු විවෘත වෙයි



කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් විදෙස් සංචාරකයන්ට පනවා තිබූ සීමා අප්‍රේල් 30 වැනිදා සිට ඉවත් කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම දැඩි සීමා ක්‍රියාත්මක කිරීමට නවසීලන්ත රජය පියවර ගත් අතර, මේ වනවිට බොහෝ රටවල් සංචාරකයන් සඳහා සිය රටවල දොරටු විවෘත කර ඇති නමුත් නවසීලන්තය තවදුරටත් සංචාරකයන්ගේ පැමිණීම අවහිර කර තිබේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නවසීලන්ත ජාතිකයන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ජනවාරි 16 වැනිදායින් පසුව නවසීලන්තයට ඇතුළුවිය හැකිය. සෙසු රටවල සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ නේවාසික වීසාලාභීන්ට නවසීලන්තයට ඇතුළුවීමට පෙබරවාරි 13 වැනිදා දක්වා බලා සිටීමට සිදුවේ.

අප්‍රේල් 30 වනදා සිට ඕනෑම රටක සංචාරකයෙකුට නවසීලන්තයට ඇතුළුවීමේ අවස්ථාව හිමිවන අතර පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබේද යන්න පමණක් එහිදී සලකා බැලේ.

UN




Source link