November 29, 2021

Ada Rata

All news in one location

අප්‍රේල් 21 කතෝලික පාසල් සදහා නිවාඩු –


පාස්කු ප්‍රහාරය සිදුවී හෙටට (21) වසර දෙකක් ගතව ඇති අතර හෙට දිනයේදි විශේෂ ආගමික වැඩ සටහන් පැවත්වීමට නියමිතයි.

හෙට දිනයේදි මෙම ආගමික වැඩ සටහන් සදහා ආරක්ෂාව ලබා දීම සදහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් සැලසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අනුව කතෝලික සභාව මගින් පාලනය කරනු ලබන පාසල් අප්‍රේල් 21, එනම් බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.





Source link