October 17, 2021

Ada Rata

All news in one location

අප්‍රේල් මස 21 පාර්ලිමේන්තු කලහය ගැන වාර්තාව ලබන සතියේ කථානායක වෙත



2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර මොනවාද යන්න නිර්දේශ කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීමට නියමිතය.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් කමිටුව රැස් වී මෙම තීරණය ගෙන තිබේ.  

අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකීර් මාකර්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද එම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

අප්‍රේල් 21 වැනිදා ඇති වූ ආකාරයේ වාතාවරණයක් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහායි  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අප්‍රේල් 23 වැනිදා එම කමිටුව පත්කරන ලද්දේ.

ASK 




Source link