October 27, 2021

Ada Rata

All news in one location

’’අපට විසඳුමක් ඇත. විද්‍යාව හා දත්ත පැහැදිලියි. මිලියන ගණනක් ජීවිත බේරාගැනීම වෙනුවෙන් එන්නත ගන්න’’



කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිතය ගලවා ගැනීම සඳහා හොඳම ක්‍රමවේදය එන්නත ලබා ගැනීම හෙයින් එයට යුහුසුළුවන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (18) ධවල මන්දිරයේ සිට විශේෂයෙන් සිය තරුණ ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

ඩෙල්ටා ප්‍රභේදය පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකි මාරාන්තික ප්‍රභේදයක් වන නමුත් ඊට විසඳුමත් අප සතුව ඇති බවත් විද්‍යාව හා දත්ත පැහැදිලි හෙයින් එන්නත පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ලෙසයි  ජනධිපතිවරයා සිය ජනතාව කියා සිටින්නේ. 

මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් එන්නත ලබා ගත යුතුව ඇති බව ඔහු අවධාරණය කර සිටියි. 

ක්‍රියාත්මක එන්නතකරන වැඩසටහන හේතුවෙන් මිලියන ගණනක ඇමරිකානුවන්ගේ ජීවිත ගලවා ගනිමින් තිබෙන අතර දිනෙන් දින එන්නත ලබාගන්නා අයගේ ප්‍රමාණය වැඩි විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කොවිඩ් එන්නතකරණයට අදාළව ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉලක්කය වී තිබෙන්නේ එරට නිදහස් දිනය වන ජූලි 04 වැනිදා වන විට සමස්ත ජනගහණයෙන් 70%කට එන්නත ලබාදීමය.  

ASK 




Source link