October 26, 2021

Ada Rata

All news in one location

අනෙකුත් සිරකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රංජන්ට විශේෂ පහසුකම්


තංගල්ල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භාවිතය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා සලකා බැලීමෙන් පසුව මෙම පහසුකම ලබා දුන් බව රාජ්‍ය ඇමතිවරයා පවසා සිටියේය.

මෙයට අමතරව රන්ජන් රාමනායකගේ භාවිතය සඳහා වෙනම විදුලි පංකාවක්,මෙට්ටයක් හා වැසිකිළි කැසිකිළි පහසුකම්ද ලබා දී ඇති බව කී රත්වත්තේ මහතා ඔහු මන්ත්‍රී ධූරය දැරූ කාලයේදී පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසය තවත් මාස හයක කාලයකට භාවිතය සඳහා ලබාදුන් බවද හෙළි කළේය.





Source link