October 28, 2021

Ada Rata

All news in one location

අනුෂ සහ දයා රත්නායක තනතුරු වලින් ඉල්ලා අස්වෙයි


කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලිපියක් යොමුකර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ පුරප්පාඩු වන තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබෙනවා. කෙසේ වුවත් ඔහු මේ දක්වා එම තනතුර භාර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

එසේම ශ්‍රී වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස, එම කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකෙන නිහාල් කැප්පෙටිපොළ පත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.



Source link