October 28, 2021

Ada Rata

All news in one location

අනුර පුලුවන්නම් විවාදයකට එන්න උවිඳු විජේවීර


උවිදු විජේවීර ජනතා විමුක්ති පෙරමුණ පිළිබද ප්‍රබල  විවේචනයක් සිදු කර තිබෙනවා.ජනතා විමුක්ති පෙරමුණ යනු කණ්ඩයම් දෙකක් බවත්,ජනතා විමුක්ති පෙරමුණේ පහල ස්ථරය මේ වන තෙක්ම තමන් ගේ පවුල වෙනුවෙන් උදව් කර ඇති බවත්,එහෙත් නායකයින් එය පැහර හැර ඇති  බවත් ඔහු සදහන් කරනවා.එසේම ඔහු ජනතා  විමුක්ති පෙරමුණේ නායකයින්ට ප්‍රසිද්ධ සංවාදයකට ඇරයුම් කරන බවත් සදහන් කරනවා.තමන්ගේ පියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියට ආ බවත්,පියාගේ මරණය වෙත ඔහු තල්ලු  කළ බවත් ඔහු සදහන් කරනවා.

පොහොට්ටුව සමඟ දේශපාලන සම්බන්ධයක් නැති බවත්,මහින්ද රාජපක්ෂ තමන් හදුනන බවත්,ඒ වගේම අනෙකුත් නායකයින්ද හදුනන බවත් ප්‍රකාශ කල ඔහු,දෙවන පරපුර ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය තුල නොමැති බවත්,ජනතා විමුක්ති පෙරමුණේ  සමාජවාදය මේ රටේ ස්ථාපනය කළ නොහැකි බවත්, ඔහු ප්‍රකාශ  කර සිටියා.





Source link