October 18, 2021

Ada Rata

All news in one location

“අනුමත ඕනෑම කොවිඩ් එන්නතක් ලැබෙන පළමු අවස්ථාවේම ලබාගෙන ආරක්ෂාව සලසා ගන්න” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 🔊


කොවිඩ් 19 වසංගතය පාලනයේදී එන්නතක් ලබා ගැනීම ඉතා වැදගත් වන නිසා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් වර්ග 07ක් පමණ අනුමත කර තිබෙන අතර එම ඕනෑම එන්නතක් ලබාගෙන ආරක්ෂාව සලසා ගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කළා.

දැනට අනුමත සෑම එන්නත්කින්ම 65% ට වැඩි ආරක්ෂාවක් සලසන අතර එන්නත ලබාගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වුවද 90%කට වැඩි ආරක්ෂාවක් සලසන අතර වැනි අයට දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍යතවක් මතු නොවන බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ.

එම නිසා මේ මොහොතේ වැදගත් වන්නේ එන්නත ලබා ගැනීම වන හෙයින් ඔබට ලැබෙන පළමු අවස්ථාවේම මෙම කුමන හෝ එන්නතක් හෝ ලබාගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා.

ඒ සඳහා කිසිදු ආකාරයක බියක් තබාගත යුතු නැති අතර අපගේ රට තුළ භාවිත වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නත් වන නිසා රෝගයෙන් ආරක්ෂාවීමට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එන්නත ලබාගැනීමට පසුබට නොවන ලෙසයි ඇය පැවසුවේ.

ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කළ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය. (Colombo Times)



Source link