October 27, 2021

Ada Rata

All news in one location

අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථ වලට වැඩ වරදි


අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථ වල බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය මේ බව සඳහන් කළා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යවසායකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම රැකෙන වැඩපිළිවෙලකට අවධානය යොමුකළ යුතු බවයි එම බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ. (colombotimes.lk)



Source link