October 18, 2021

Ada Rata

All news in one location

අධික උණුසුමින් කැනඩාවේ නගරයක් අළුවෙයි 📹


අධික උණුසුමත් සමඟ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ ලිටන් ගම්මානය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ලිටන් නගරාධිපති ජෑන් පොල්ඩර්මන් බීබීසී ලෝක සේවයට සඳහන් කර ඇත්තේ මිනිත්තු 15 ක් ඇතුළත මුළු ගම්මානයම ගින්නෙන් දැවී ගිය බවයි.

ගින්නත් සමඟ ජනතාව කඩිනමින් ඉවත් කළ බව ඔහු සඳහන් කළා.

නගරයේ උෂ්ණත්වය සටහන් වුණේ සෙල්සියස් අංශක 49 යි දශම 6 ක් ලෙසයි.

ගින්නෙන්, කිහිප දෙනෙකු තුවාල ලැබුවද, ජීවිත හානි සිදුවී නැහැ.

දශක ගණනාවකට පසු කැනඩාවට බලපෑ උණුසුම් කාලගුණික තත්ත්වය මෙයයි.

මේ අතර අධික උණුසුම හේතුවෙන් දින 5 ක් තුළ කැනඩාවේ පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තිබෙනවා.

මිය ගිය පිරිසෙන් බහුතරයක්, වයෝවෘද්ධ පුද්ගලයින්. (colombotimes.lk)



Source link