November 29, 2021

Ada Rata

All news in one location

අධ්‍යාපනයට සියයට 7.5ක් වෙන්කරන බවට බැසිල් කියපු කතාව එලෙසින්ම විශ්වාස කරන්න එපා



ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවේදී අධ්‍යාපනයට 7.5%ක් වෙන්කරන බවට බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය වරදවා වටහා නොගන්නා ලෙස ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (11) සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පවසයි. 

බැසිල් රාජපක්ෂ මහතා පවසන 7.5% වෙන් වන්නේ සමස්ත රාජ්‍ය වියදමේ පංගුවක් වන අතර අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස ඉල්ලන්නේ දළ දේශීය නිෂපදිතයේ කොටසක් ලෙස යැයි ජයසිංහ මහතා සඳහන් කරයි. 

එමෙන්ම එම සාකච්ජාව අවසානයේ පිටතට පැමිණි අවස්ථාවේ සිදුවූ සිදුවීම ගැන ද  මහින්ද ජයසිංහ මහතා සමස්ත ගුරු විදුහල්පතිවරුන්ගෙන් සමාව ඉල්ලා සිටියි.

”අපේ වැටුප් විෂමතාවයට අදාළ තුනෙන් එකක පංගුව එකවර ලබාදෙන්න එකඟ වුණා. දැන් අපි බලමු හෙට දවසේ අයවැයේදී කොයි ආකාරයටද එය ප්‍රකාශයට පත්වෙන්නේ කියල. මේ ගැන අපි හැමෝම විමසිල්ලෙන් ඉමු. අද මාධ්‍ය වාර්තා කරල තිබෙනවා අධ්‍යපනය සඳහා 7.5ක් වෙන්වෙලා තියෙනවා කියල. ඊයේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියපු කතාව. මේක අපි මේ විදිහට තේරුම් ගත යුතුයි. මොකද අපි 6%ක අරගලයක ඉන්නවා. ඒ 6%යි මේ 7.5%යි පටලවා ගත යුතු නැහැ. ඒ 7.5% කියන්නේ මුළු රාජ්‍ය වියදමේ පංගුවක් ලෙස. නමුත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තමයි අපි 6%ක් ඉල්ලන්නේ. මේ 7.5% දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණ ප්‍රමාණයක් ද කියන එක අපිට දැන්මම නිශ්චය කරන්න බැහැ. කෙසේවෙතත් අධ්‍යාපනයට 6%කට වඩා වෙන්කරා කියන එකක් ලෙස වරදවා තේරුම්  ගන්නට එපා. 

මේ සාකච්ජාව අවසන් වෙලා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුවෙන් එළියට එන මොහොතේදී  යම් සිදුවීමක් වුණා. ඒ පිළිබඳව අපේ ක්ෂේත්‍රයේ ගුරු විදුහල්පතිවරු හැමදෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා. එම මොහොතේදී මගේ සංයමය යම් මටමකට හෝ බිඳුනානම් මොකද මීට කලින් ඔබ දන්නවා විවිධ ප්‍රතිප්‍රහාරයන් එල්ලකරද්දී විවිධ අවලාද නගද්දීත් විවිධ තර්ජන ගර්ජන එල්ල කරද්දීත් අපි අපේ සංයමය බිඳ ගත්තේ නැහැ. අපිව නිරුවත් කරනවා කියල කියද්දී අපිව හෙළිදරව් කරනවා කියද්දී අපේ සංයමය අපි බිඳ ගත්තේ නැහැ. නමුත් ඊයේ දවසේ මේ සිදුවීම තමයි විශේෂයෙන්ම ආණ්ඩුවේ ගුරු සංගම් නායිකාව වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කරනවා ඊට දින දෙකකට පෙර මේ කණ්ඩායම ගෝල්ෆේස් පිටියේ අපේ ගුරු අරගලය සම්පූර්ණයෙන්ම කෙලසපු ගුරු විදුහල්පතිවරුන්ගේ අභිමානය හෑල්ලුවට ලක්කරපු විගඩම, ඒ විගඩමේ දී හිටපු කණ්ඩායම අපි දන්නවා රෑට රෑටත් සමහරු  ඒ ස්ථානවලට ගිහින් මේ සඳහා උඩගෙඩි දුන්න කියල. ඒ වගේම ඒ කණ්ඩායම ඊට දින දෙකකට පෙර නෙලුම් මාවතේ තිබෙන ආණ්ඩුවේ පක්ෂ කාර්යාලයට ගිහිල්ලා ඔවුන්ව මුණ ගැහිලා තියෙනව.මම අහනවා එහෙම දෙයක් වුණා නේද කියල. මොකද අපිට පාවා දීමේ ලේබල් ගහන්න හදනවා. අපි පාසැල යමින් අරගල කරන්න ගත්ත තීරණයට ඔවුන් කෝපාවිෂ්ඨ වෙලා පහර දෙන්න පටන් ගත්තා. මම අහනවා නෙලුම් මාවතට ගිහින් මොකක්ද කළේ කියල.” යනුවෙන් මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පැහැදිලි කරයි.

ASK




Source link